Thursday, March 27, 2014

pen drive එකෙන් windows ගහමුද..?


                              සුබ දවසක් හැමෝටම, ඉතින් යාලුවනේ අදත් ඔන්න මන් සුපිරි පොස්ට් එකක් ගෙනාවා.. ගහමුද pen drive එකෙන් windows...??? සමහර විට මේක ඔයාලා ගොඩක් අය දන්නවත් ඇති.ඒත් මේ ගැන දන් නැති අය ඕනිතරම් ඇති.ඒ අය ගැන හිතල තමයි මේ ගැන කියන්න හිතුවේ.




මෙහෙමයි, pen drive එකකින් windows දානවා කියපුවම සමහරු බයයි.ඒත් මෙකේ ඇති දෙයක් නැ.හරිම ලේසි.CD/DVD එකෙන් දනවා වගේමයි..අනික CD/DVD වලින් දාන්න ගොඩක් වෙලා යනවනේ.ඒත් පෙන් එකෙන් ඉක්මටම වැඩේ කරගන්න පුලුවන්.අනික කිසිම file එකක් නොඅඩුව සාර්තකව දගන්නත් පුලුවන්..හරි දැන් කතා ඇති.වැඩේට බහිමු.

අපි ඉස්සරලම pen එක booterble කරගන්න ඕනි.එකට පොඩි softwaer කෑල්ලක් තියනවා WinToFlash කියලා..ඒකෙන් ලේසියෙන්ම  කරගන්න පුලුවන්.පහලින් ඩවුන්ලොඩ් කරගන්නකො එහෙනම්.





හරි දැන් ඔයලාගේ pen එක ගන්නකෝ.ආ ඒකනෙවෙයි ඔයාලා windows 7 දානවනම් අඩුම 4GB pen එකක්වත් තියෙන්න ඕනි. windows 8 දානවනම් 8GB එකක්ම ගන්න. size (capacity) එක අනුව තමා ඉතින්.
මුලින්ම අපි පෙන් එක format කරගන්න ඕනි.පෙන් එක pc එකට ගහලා පෙන් එක උඩ right click කරලා format යන්න.



ඊලගට file system > NTFS තෝරන්න.දැන් start click කරලා format කරගන්න.



ඒ වැඩේ හරි.දැන් පෙන් එක නිවැරදිව format වෙලා එකෙන්ම අහා..
දැන් ඉතින් අපිට තියෙන්නේ පෙන් කට්ටට windows දාගන්න එක තමා ඉතින්.හරි මුලින්ම අපි අර බාගත්තු WinToFlash සොෆ්ට් එක extract කරගෙන සමාන්නිය විදිහට WinToFlash එක open කරගන්නකො එහෙනම්.. මෙහෙම එයි




දැන් මෙහි next මත click කරන්න.ඊලගට පහත ආකරයේ වින්ඩොවක් ඔබට දැක ගත හැක.




හරි,දැන් තමා ඔන්න ගේම දෙන්න තියෙන්නේ.ඔයලා ගාව windows image (iso) එකක් ඇතිනේ නේද? කොහොමත් අනිවා තියනවනේ.. දැන් ඔය වින්ඩොවේ windows file path එකට windows image (iso) එක තියන තැනින් තෝරලා select කරන්න. image එක නැතිනම් විතරක් windows cd/dvd එක රොම් එකට දාලා අර වෙනුවට ඒක තොරන්න. ඊලගට usb drive වලට ඔයගේ pen drive එක දෙන්න.ඉන්පසුව පහල ඇති next දෙන්න..
             දැන් ඉතින් පෙන් එකට ලස්සනට windows වදින්න පටන් ගනි ඔන්න..දැන් ඉතින් බලන් ඉන්ට වෙනවා ටිකක් වෙලා යනකන්..100% ගිහින් වැඩේ අහවර උනාට පස්සේ සුපුරුදු විදිහට ඔයාලට පෙන් එකෙන් windows ගැසිමට පුලුවනි.. වෙනදා විදිහටම boot ගිහින් boot from cd වෙනුවට boot from pen drive දීල සුපුරුදු විදිහට format කරගන්ටයි තියෙන්නේ.. එහෙනම් ඔන්න වැඩේ අහවරයි.. පෙනුමෙන් ගොඩක් ලොකු උනාට ගේමක් නෑ.....පට්ටම ලේසි වැඩක්.. කරලා බලන්නකො එහෙනම්.


කොතන හරි මොකක් හරි අවුලක් අවොත් මෙතන comment එකක් හරි, මගේ fb එකට msg එකක් හරි දාලා අහන්නකෝ..
like එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ..

                                    Mahesh Wijekoon                          ඇන්ඩ්රොයිඩ් helperz

එහෙනම් ඉතින් මන් කැපුනා....ඊලග දවසෙත් හොද පොස්ට් එකක් අරන් එන බලාපොරොත්තුවෙන්..  

                                                                  තෙරුවන් සරණයි!!!


Thursday, March 20, 2014

4.3.1 JB Rom for xperia ray (රේ එකට 4.3.1 JB රොම් එකක්)


                          සුබ දවසක් හැමෝටම. ඉතින් කොහොමද යාලුවනේ..? අවුරුදුත් ලග ලගම එනවා නෙහේ.. දැන් කස්ටිය ගෙවල් වල අවුරුද්දට පට ගලා ලැස්ති වෙනවා ඇති කියලා හිතනවා..හි හි.... ආ හරි දැන් එවාගෙන් වැඩක් නෑ.. මට ඔයාලට පොඩි දෙයක් කියන්න තියනවා.මොකක්ද දන්නවද? මේකයි කතාව.මේක මගෙ පලවෙනි post එක,ඒ වගේම android ගැන ලියන.ඒනිසා අඩු පාඩු තියෙන්න පුලුවන්නේ වචන වල එහෙම..ඒවා ගනන් ගන්න එපා ඔන්න.. ආ කියන්න ඕනිම දේ තව ටිකෙන් අමතක වෙනවනේ.post එක පටන් ගන්න කලින් කියලම ඉන්නම් (කෙටියෙන්ම කීවොත් බුකියේ "Gevindu Aloka,නවීන් නිසල්,Tharindu Nuwan,Prageth Gihan,Dinuka Krishan,Rajith Dananjaya,Tharindu Gamage," ලොස් නැතුව කියනවා,මේ අයගෙන් තමා මන් වැඩි දුරට android ගැන ඉගෙන ගත්තේ.. නම් සදහන් නොකරත් තව අය මට මේ ගැන කියලා දුන්නා.කොහොමහරි එකි මෙකි නොකි මට android ගැන කියලා දුන්නු හැමෝටම thanx so much)  අනිවම කියන්නම ඕනි දෙයක් නිසා කිවේ.. හරි දැන් ඒ කතාව ඇති.

හා හා පුර කියලා අද මන් කියන්න යන්නේ xperia ray එකට JB 4.3.1(LegacyXperia) පට්ටම රොම් එකක් ගැන.අයේ කියලා වැඩක්න් නෑ සිරාවටම මරු අහා..මේ ලගදි ආපු රොම් එකක්.සති දෙකක් නෑ..බොරුනම් ඔයාලත් මේක ගහලම බලන්නකෝ..මොකද මාත් මේක තමා දැන් දලා තියෙන්නේ.හරි දැන් අපි වැඩේට බහිමු නෙහේ..





මේක ගහන්න නම්,
cwm
Root 
Bootloder unlock කරලම තියෙන්න ඕනි අනිවා.මන් හිතනවා ඒවා සේරම හරි ඇති කියලා.. 


මෙතනින් flash tool ගන්න.


අනිවම කෝකටත් backup එකක් දාගෙනම වැඩේට බහින්නකෝ..
පහලින් rom  එකයි gapps එකයි downlord කරගමු එහෙනම්.
(අනිවා මේක කියන්න ඕනි.මේ රොම් එක ගැන මට කිවේ Gevindu Aloka සහෝය.)

හරි ඔය දෙක දැන් chip එකට දාගන්න.
rom එක extract කරගෙන,එතන තියන boot.img file එක flash tool එකේ firmwares forlder එකට දන්න.
ඊලගට flash tool open කරගෙන flash btn එක click කරලා fastboot mode දෙන්න.
දැන් phone එක off කරලා wolum up btn එක ඔබාගෙන pc එකට conect කරන්න.
conect උනා නම් නිල් පටින් notification light එක පත්තුවෙයි.



ඊලගට flash tool menu එකේ select kernel to flash kiyna tb එකට යන්න.




ඔතනින් ඔයා firmwares වලට දාගත්තු boot.img එක තොරන්න.




flash වෙන එක ඉවර උනහම phone එක ගලවලා  reboot කරන්න.
ඊලගට ඔතනින්ම cwm recovery mode එකට යන්ටකෝ..ගිහින් මේ ටික පිලිවලටම කරන්න.

                              1.Wipe Data යන්න  
                              2.Wipe Cache යන්න 
                              3.Wipe dalvik cache යන්න   (advanced වල)
                              4.Install Rom යන්න 
                              5.Install gapps යන්න 
                              6.Reboot phone now

පලවෙනි පාර ඔන් වෙන්න විනඩි 5ක් විතර යයි..ඉවසලා බලන් ඉන්නකෝ ලස්සනට ඔන් වෙයි..
එහෙනම් ඉතින් දැන් වැඩේ ඉවරයි ඔන්න....

කොතන හරි මොකක් හරි අවුලක් අවොත් මෙතන comment එකක් හරි, මගේ fb එකට msg එකක් හරි දාලා අහන්නකෝ..
like එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ..

                             Mahesh Wijekoon                          ඇන්ඩ්රොයිඩ් helperz

එහෙනම් ඉතින් මන් කැපුනා..

                                                                  තෙරුවන් සරණයි!!!




















Monday, March 17, 2014

ICare Data Recovery Software

                                                                                

ඉතින් යාලුවනේ කොහොමද..? මන් නම් ඔහේ ඉන්නවා..හි හි.. අද මන් කියන්ඩ යන්නේ නියම සොෆ්ට්වෙයාර් එකක් ගැන.සමහර විට ඔයාලා මේ සොෆ්ට් එක ගැන දන්නවා ඇති.ඒත් කමක් නැ.දන් නැති අයට මේක වටීවි..මේක පරිගණකය බාවිතා කරන අයට වටින  iCare Data Recovery Software එක.
තමන්ට අත් වැරදිමකින් හෝ හිතාමතා හෝ මොකක් හරි ක්‍රමයකින් මක දමන ලද ෆයිල් නැවත ලබා ගැනීමට   මේ සොෆ්ට්වෙයාර් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අනිවා..

deleted document, photo, image, video, music, email and other file formats caused of hard disk failure, formatted HDD, corrupted MBR (Mast Boot Record), bad boot sector, inaccessible drive, unreadable partition, damaged partition, virus infected, unexpected system failure and etc iCare Data Recovery Software එක මගින් Recovery කර ගත හැක..

Thursday, March 6, 2014

ඔබගේ ඇන්ඩ්රොයිඩ් ඩිවයිස් ඵක රූට් කරමු

ඔන්න එපා කරපු රූට් කරදරයට නිමාවක් ====>> ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් රුට් කල හැක
(naveen nisalgeni)